අප සමඟ වැඩ කරන අපේ පාරිභෝගිකයන්ට මුහුණපෑමට සිදු වූ ප්‍රධාන ගැටලුවක් වූයේ අපගේ Stormate POS system එක භාවිතා කරන අතරතුර ඔවුන්ගේ භාණ්ඩ online ක්‍රමයට e-commerce website එකක් හරහා විකිණීමේදී යන වියදම අඩු කර ගන්නේ කෙසේද යන්නයි.
අපගේ Stormate POS system එක දැනටමත් Woocommerce සමඟ සම්බන්ධ කර ඇත.
සාමාන්‍යයෙන් AWS වැනි Cloud Servers එකක් භාවිත කරමින් Online Store එකක් පවත්වාගෙන යාමේදී මාසිකව $60 එනම් මාසිකව Rs.21,605ක් පමණ වැය කිරීමට සිදු වෙනවා. (Storage, Database, domain වලට පමණක් )
මෙයට විසඳුමක් ලෙස shopify.com හරහා Online Store එකක් මිලදී ගෙන වඩා ඉතා අඩු මුදලක් වැයකරමින් මේ භාවිතා කළ හැකිය. (basic plan 29$/mon).
Shopify API එක භාවිත කර සාදන ලද මෙම Shopify plugin එක ක්‍රියාත්මක වන්නේ මෙසේය.
මෙය නිර්මාණය කරගෙන යන විට මුහුණ දුන් එක් ප්‍රධාන ගැටළුවක් වූයේ Storemate හි Products සහ ඒවාට අදාල Categories තිබුනද Shopify එකේ මෙලෙස Categories නොමැති වීමයි. මෙයට විසඳුමක් ලෙස Shopify එකේ ඇති collections අපගේ Categories ලෙස යොදා ගැනිණි.
මෙය නිර්මාණය කරගෙන යන විට මුහුණ දුන් එක් ප්‍රධාන ගැටළුවක් වූයේ Storemate හි Products සහ ඒවාට අදාල Categories තිබුනද Shopify එකේ මෙලෙස Categories නොමැති වීමයි. මෙයට විසඳුමක් ලෙස Shopify එකේ ඇති collections අපගේ Categories ලෙස යොදා ගැනිණි.
දැනට අපි shopify Orders Storemate POS System එකට ඇතුලත් කරගන්නේ CUT OFF DATE (කවදා සිට ආරම්භ වන Orders ද යන්න) select කර Sync Order Button එක එබීමෙනි. ඉදිරියේදී Webhook භාවිත කළ රියල් ටයිම් sync එකක් ලෙස Plugin එක වැඩි දියුණු කිරීමට නියමිතයි.
Shopify API Documentation භාවිත කළ ද විසඳිය නොහැකි ගැටලුවක් හමුවුණා. ඒ තමයි shopify එකේ ඕඩර් වර්ග හතරක් තිබීම.
01. Pending Unfulfilled
02. Paid Unfulfilled
03. Pending Fulfilled
04. Paid Fulfilled
මෙයින් පළවෙනි 3 සාමාන්‍ය පරිදි API එක හරහා පැමිණිය ද හතරවෙනි ආකාරය ගැනීමට ක්‍රමයක් shopify documentation හරහා දී නැත. මෙයට විසඳුමක් ලෙස අපට සිදු කිරීමට වූයේ Card Payment වලින් Direct මුදල් ගෙවූ Order Fulfilled කිරීමට පෙර Unfulfilled අවස්ථාවේදීම අපගේ system එකට ඇතුලත් කර ගත යුතු වීමයි.