හැඳින්වීම 

Storemate යනු අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන Point of Sale මෘදුකාංගයක් වන අතර, මෙමගින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බොහෝ ප්‍රමාණයක ව්‍යාපාරික කටයුතු කළමනාකරණය කර ගත හැක.

– සැපයුම්කරුවන්ගේ තොග සහ මුදල් කළමනාකරණය 

– ඔබගේ සියලුම ශාඛා වල තොග කළමනාකරණය

– Barcode මුද්‍රණය සහ Scan කිරීම 

– සියලුම බිල් පත් මුද්‍රණය 

– සියලු පාරිභෝගික මුදල් ගනුදෙනු සහ ණය තොරතුරු තබා ගැනීම

– ලාභ අලාභ ගිණුම් තොරතුරු පවත්වාගෙන යාම 

– සහ තවත් විශේෂාංග 150කට අධික ප්‍රමාණයක් සමගින්

Storemate මෘදුකාංගය අන්තර්ජාලය ඔස්සේ ලොව ඕනෑම ප්‍රදේශයක සිට භාවිතා කල හැකි අතර ස්මාර්ට් ජංගම දුරකථන, ටැබ් උපාංග, ලැප්ටොප් පරිගණක, ඩෙස්ක්ටොප් පරිගණක, සහ වෙනත් ඕනෑම  අන්තර්ජාලයට ප්‍රවේශ විය හැකි උපාංගයක් මගින් Storemate මෘදුකාංගයට ප්‍රවේශ විය හැක.

මෙය ක්‍රියාත්මක කිරීම පිණිස අන්තර්ජාලය අතවශ්‍ය වන අතර අන්තර්ජාලය නොමැතිව භාවිතා කල නොහැක. 

ප්‍රධාන විශේෂාංග සහ පහසුකම් වලට අමතරව, Storemate විසින් අතිරේක මොඩියුල කීපයක් හඳුන්වා දී ඇත.

  1. ජංගම දුරකතන, පරිගණක හා විද්‍යුත් උපකරණ අලුත්වැඩියා මොඩියුලය. 
  2. අමුද්‍රව්‍ය යොදාගනිමින් නිෂ්පාදන කටයුතු කළමනාකරණය කිරීමේ මොඩියුලය.
  3. ලැබෙන ඇනවුම් delivery සේවාවන් සමග සම්බන්ධ කිරීමේ මොඩියුලය.
  4. E-commerce වෙබ් අඩවි සමග සම්බන්ධ කිරීමේ මොඩියුලය.

ඉහත මොඩියුල, ප්‍රධාන POS මෘදුකාංගයට අමතරව ලබා ගත හැකි අතර, ප්‍රධාන POS මෘදුකාංගය නොමැතිව මිලදී ගත නොහැක. 

මේ මොඩියුල සඳහා මුලික අමතර ගාස්තුවක් සමග මාසිකව ගාස්තුවක් එකතු වේ.

පැකේජ

Storemate හි ඔබට අවශ්‍ය සේවාව අනුව පැකේජ 3ක් ඇති අතර මින් එකක් තෝරාගත හැක. 

Lite පැකේජය

  • Lite පැකේජය සඳහා ලියාපදිංචිය අප විසින් සිදු කරනු ලබන අතර,  Implementation ඔබ විසින් කරගත යුතු වේ. මේ සඳහා ඔබට අවශ්‍ය Video Tutorials සහ User Manual ඔබට ලබා දේ.

Business පැකේජය

  • Business පැකේජය සඳහා Implementation, අපගේ සහයක කණ්ඩායම විසින් ඔබ වෙත සිදු කර දෙනු ලැබේ.

මෙහිදී අප විසින් කරනු ලබන සෑම සහයක්ම online හරහා සිදු කරන අතර, ඔබ ආයතනය වෙත පැමිණීමක් සිදු නොවේ.

Enterprise පැකේජය

මෙහිදී Business පැකේජයේ ඔබට ලැබෙන පහසුකම් වලට අමතරව, ඔබට හා ඔබගේ ආයතනයේ සේවකයන්ට ලබා දෙන පුහුණුව ඔබ ආයතනයට පැමිණ සිදු කරනු ලැබේ. 

– මේ වෙනුවෙන් අය කරන සේවා ගාස්තුවෙන් ඔබ නිදහස් ය.

– කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට හැර අනිත් ප්‍රදේශ සඳහා කිලෝ මීටරයට රු.75ක ගාස්තුවක් අය කෙරේ. 

– රු.75 යනු දැනට පවතින ඉන්ධන මිල අනුව වන අතර, ඉන්ධන මිල වෙනස්වීමක්දී දුර අනුව අය කරන ගාස්තුව සංශෝධනය විය හැකිය.

– දුර ගණනය කරනු ලබන්නේ අපගේ ආයතනයේ සිට ඔබගේ ආයතනය දක්වා පැමිණීමට සහ ආපසු යාමට ඇති දුර වේ.

– නිදහස් සේවා වාර 1ක සංඛ්‍යාවක් ඔබට හිමි වන අතර, ඉන් පසු ඔබගේ ඉල්ලීම පරිදි එක් සේවා වාරයක් සදහා, ප්‍රවාහන ගාස්තුවට අමතරව, රු.10,000ක ගාස්තුවක් අය කෙරේ.

ගාස්තු සහ අය කිරීම් 

ගාස්තු සහ අය කිරීම් පිලිබඳ විස්තර මෙම සබැඳිය වෙතින් ලබා ගත යුතුය. මෙම මිල ගණන්, නව මිලදී ගැනීම් සදහා, පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. 

https://storemate.lk/pricing/

මුලික ගාස්තු

මුලික ගාස්තු ලෙස, සම්පුර්ණ මුදල ගෙවිය යුතුය.

මෘදුකාංගය ප්‍රයෝගිකව පාවිච්චි නොකිරීම, මෘදුකාංග සිදු කරන වෙනස්කම්, ප්‍රයෝගික ගැටළු වැනි කිසිම කාරණාවක් නිසා මෙම මුලීක මුදල ගෙවීමේ කාලය දීර්ඝ කල නොහැකි අතර, එසේ සිදු කරන අවස්ථාවකදී, කිසිම ආපසු ගෙවීමකින් තොරව ඔබගේ ගිණුම අත්හිටුවීමේ පුර්ණ අයිතිය Storemate ආයතනය සතු වේ. 

මෙම ප්‍රතිශතය තීරණය කිරීම Storemate ආයතන සතු වේ. 

ලියාපදිංචිය ආරම්භ කිරීම සඳහා හෝ මෘදුකාංගයේ වෙනස් කමක් සඳහා ඉල්ලීමක් කල අවස්ථාවකදී,  මෙම මුලික ගෙවීම අනිවාර්ය වේ. 

මෙම ගෙවීම, ඔබ විසින් ඉල්ලා සිටින ඕනෑම ඉල්ලීමක තහවුරු කිරීමක් ලෙස අප ආයතනය විසින් හඳුනා ගනු ලැබේ. වෙනත් කිසිම ක්‍රමයක් හරහා සිදු කරන දැනුම් දීම්, නිල තහවුරු කිරීමක් ලෙස භාර නොගැනේ.

මාසික ගාස්තු 

ඔබ මිලදී ගන්නා පැකේජය අනුව මාසික ගාස්තුවක් අදාල වේ. එය මාසිකව හෝ වාර්ෂිකව ගෙවීම් කල හැකිය. 

මාසිකව ගෙවීමේදී පළමු මාසයේ මුදල ලියාපදිංචි ගාස්තුවත් සමග ගෙවිය යුතු අතර පසුව එක් එක් මාසයට අදාල මුදල එම අදාල මාසය මුලදී ගෙවිය යුතුය. 

අදාල මාසය තුල ගෙවීම් කල නොහැකි වුවහොත් ස්වයංක්‍රීය ඔබගේ ගිණුම තාවකාලිකව නිෂ්ක්‍රීය වනු ඇත.

ඔබ නැවත සක්‍රීය කරන අවස්ථාවේ හිඟ මුදල සම්පුර්ණයෙන් ගෙවිය යුතු වේ. 

නොකඩවා මාස 3ක් ඔබ විසින් ඔබගේ ගිණුම සක්‍රීය නොකළහොත්, ඔබගේ සියලුම දත්ත සමග ඔබගේ ගිණුම පුර්ව දැනුම් දීමකින් හෝ දැනුම් දීමකින් තොරව ස්වයන්ක්‍රීයව මැකී යනු ඇත. එම දත්ත නැවත ලබා ගත නොහැක.

රටේ පවතින උද්දමනය සහ විනිමය අනුපාතය හි සිදුවන සංශෝධනයන්ට අනුව, මාසික ගාස්තුවේ යම්  සංශෝධනයක් ඉදිරි කාලයේදී සිදු විය හැකිය. එය වාර්ෂිකව 20% අතර ප්‍රමාණයක් හෝ වැඩි අගයක් විය හැකිය

ගෙවීම් සිදු කරන ආකාරය 

මුලික ගෙවීම සාමාන්‍ය තැන්පතුවක් හෝ Online Transfer ගෙවීමක් ලෙස ගෙවිය හැක. 

මාසික ගෙවීම සාමාන්‍ය තැන්පතුවක් හෝ Online Transfer වලට අමතරව Storemate මෘදුකාංගය හරහා පැකේජ අලුත් කිරීමක් ලෙස ඔබගේ Credit හෝ debit කාඩ්පත හරහා ගෙවිය හැක.

මෙසේ කාඩ් පත හරහා ගෙවීමේදී, එවෙලේම ඔබගේ පැකේජය ද අලුත් වීමක් සිදුවේ.

සාමාන්‍ය තැන්පතුවක් හෝ Online Transfer හරහා ගෙවීමකදී, තැන්පතු පත්‍රිකාව අප වෙත email මගින් හෝ whatsapp මගින් එවිය යුතුය.

මාසික ගෙවීම ගෙවීම සාමාන්‍ය තැන්පතුවක් හෝ Online Transfer හරහා ගෙවීමකදී ඔබගේ පැකේජය අලුත් කිරීමට කාර්යාල දින 1ක උපරිම කාලයක් ගත විය හැක.

ලියාපදිංචි කිරීම (Registration & Implementation)

ඔබ Storemate හි පාරිභෝගිකයෙකු වූ පසු, අපගේ සහායක කණ්ඩායමක් ඔබට සේවය කිරීමට යොමු කෙරෙනු ඇත. ඔවුන්  විසින් සපයනු ලබන සේවාවන් පහත පරිදි වේ.

– StoreMate හි ව්‍යාපාර ලියාපදිංචිය

– ඔබගේ වත්මන් භාණ්ඩ සහ සේවා ඇතුලත් කිරීම.

– වත්මන් තොග ඇතුලත් කිරීම.

– වත්මන් සියලුම පාරිභෝගිකයින් සහ සැපයුම්කරුවන් ඇතුලත් කිරීම

– පාරිභෝගිකයින්ගේ සහ සැපයුම්කරුවන්ගේ ආරම්භක ණය ශේෂය ඇතුලත් කිරීම.

– බිල්පතට ඔබගේ ව්‍යාපාරයේ විස්තර ඇතුලත් කර මුද්‍රණය කරගත හැකි වන පරිදි සැකසීම. 

ඔබ විසින් ඒ සඳහා අප වෙත පහත තොරතුරු ලබා දිය යුතුය. මේ සඳහා අපි ඔබට Excel Template එකක් ලබා දේ.

  1. ඔබගේ භාණ්ඩ ලැයිස්තුව Microsoft Excel මගින්.
  2. භාණ්ඩ වල වත්මන් තොග සංඛ්‍යාව Microsoft Excel මගින්.
  3. වත්මන් පාරිභෝගිකයන්ගේ ලැයිස්තුව 
  4. සැපයුම්කරුවන්ගේ විස්තර 

අප විසින් තොග ගණනය කිරීමක් සිදු නොකෙරේ.

ඔබගේ භාණ්ඩ ලැයිස්තුව PDF මගින් හෝ චායාරුප මගින් එවනු ලැබුවහොත් ඒ සඳහා අමතර ගාස්තු අය කරනු ඇත.

එක් එක් භාණ්ඩයේ පින්තුර යොදන්නේ නම්, අදාල පින්තුර නාමයද  Excel Sheet හි ලබා දිය යුතුය.

අලෙවියෙන් පසු සේවාව

අපගේ සේවාවන්, අදාල සේවා මාර්ගය අනුව  ප්‍රධාන ආකාර 2කට බෙදේ. 

  1. ප්‍රමුඛතා සේවාව 
  • මේ යටතේ දුරකථන සහාය සහ Whatsapp සහාය ඇතුලත් වේ.
  • මෙහිදී එක් පොදු දුරකථන අංකයක් ඔබට ලබා දෙනු ලබන අතර, ඔබට සහය අවශ්‍ය මොහොතේ සිටින නියෝජිතවරයෙකු එම අවස්ථාවේ සම්බන්ධ වනු ඇත. 
  • සතියේ දිනවල උදැසන 9.00 සිට 5.00 (වෙළඳ නිවාඩු හැර) දක්වා මෙම සේවාව ක්‍රියාත්මක වේ .
  1. සාමාන්‍ය සේවාව 
  • මේ යටතේ Tickets සේවාව ඇතුලත් වේ.
  • ඔබට Storemate මෘදුකාංගය ඔස්සේම අප හට පණිවිඩයක් එවිය හැකි අතර, අපගේ නියෝජිතයෙකු එයට පිළිතුරු සපයනු ඇත. ඊමේල් හරහා ඔබට පිළිතුරු ලබනු සැනින් දැනුම් දීමක් කරනු ඇත.
  • සතියේ දිනවල උදැසන 9.00 සිට 5.00 දක්වා (වෙළඳ නිවාඩු හැර) මෙම සේවාව ක්‍රියාත්මක වේ 

ඔබ මිලදී ගන්නා පැකේජය අනුව සහාය දක්වන මාර්ගය තීරණය වේ.

  • lite පැකේජය සදහා සාමාන්‍ය සේවාව පමණක් ලබා දෙනු ලැබේ.
  • business පැකේජය සඳහා දින 30ක් යන තුරු ඔබට ප්‍රමුඛතා සහාය ලබා ගත හැකි අතර දින 30න් පසුව ඔබට සාමාන්‍ය සේවාව ලබා ගත හැක.
  • Enterprise පැකේජය සදහා ප්‍රමුඛතා සහාය අඛණ්ඩව ලබා දෙනු ඇත.

Android ජංගම දුරකත යෙදවුම (Android App)

Storemate මෘදුකාංගය සමග අප විසින් ලබා දෙන ජංගම දුරකථන යෙදවුම (Mobile App) ඔස්සේද භාවිතා කල හැක. මෙය Android ජංගම දුරකථන ඔස්සේ පමණක් භාවිතා කල හැකි අතර Apple ජංගම දුරකථන ඔස්සේ භාවිතා කල නොහැක. නමුත් Apple දුරකථනවල තිබෙන Browser එකක් මගින් system එක පාවිච්චි කල හැක.

ඔබගේ ඉල්ලීම පරිදි APK ගොනුවක් ආකාරයට ලබා දෙනු ඇත. එය ඔබ විසින් ඔබගේ Android දුරකතනයට ස්ථාපනය කරගත යුතුය. 

ජංගම දුරකථන යෙදවුම වෙත,  Storemate ප්‍රධාන මෘදුකාංගයට ප්‍රවේශ වන තොරතුරු (User Name & Passwords) මගින්ම ප්‍රවේශ යුතු වේ. මේ සඳහා අමතර User Accounts ලබා දීමක් සිදු නොවේ.

මෘදුකාංගය යාවත්කාලීන කිරීම

ඔබගේ අදහස් හා යෝජනා අනුව අපගේ තාක්ෂණික අංශය විසින් මෘදුකාංගය මසකට හෝ මාස 2කට වාරයක් යාවත්කාලීන කරනු ලැබේ. මෙහිදී අප විසින් යාවත්කාලීන කරන සියලු විශේෂාංග වල අයිතිය, යාවත්කාලීන කරන විශේෂාංගය හා නිකුත් කරන දිනය Parallax ආයතනය විසින් තීරණය කරනු ලැබේ.

යාවත්කාලින විශේෂාංග යටතේ,

– නවතම තාක්ෂණික විශේෂාංග 

– පාර්භෝගික විශේෂාංග ඉල්ලීම් 

– ව්‍යුහාත්මක, අතුරුමුහුණත් සහ නිර්මාණාත්මක වෙනස්කම් 

– මෘදුකාංග ගැටළු වලට විසදුම් 

ඔබට හිමි වනු ඇත. 

යාවත්කාලීන කරන අවස්ථාවකදී, යම් අවස්ථාවක, පුර්ව දැනුම් දීමකට යටත්ව  මෘදුකාංගය කෙටි වෙලාවකට අක්‍රීය කිරීමට ද  සිදුවනු ඇත.

ඔබගේ අවශ්‍යතා අනුව මෘදුකාංගයේ වෙනස් කම් කර ගැනීම 

මිලදී ගන්නා අවස්ථාවේ තිබෙන පහසුකම් වලට අමතරව ඔබ විසින් ඉල්ලා සිටින සියලුම පහසුකම්, වෙනස්කම් ලෙස අප සලකනු ලැබේ. මුලික ගෙවීම ඔබ සිදු කරන්නේ එම පහසුකම්  පාවිච්චි කිරීම උදෙසා වන අතර, එයින් පිට ඔබ විසින් අසනු ලබන අමතර පහසුකම් වෙනුවෙන් ගාස්තු අය කිරීමේ හා නොකිරීමේ තීරණය Storemate ආයතන සතුය.

යම් අවස්ථාවකදී ඔබටම අවශ්‍ය වන පහසුකම් Storemate මෘදුකාංගයේ සාදවා ගැනීමට අවශ්‍ය වන අවස්ථාවකදී ඔබට එය අපගෙන් විමසිය හැකිය. 

ඉන් පසු අපගේ තාක්ෂණික අංශයට ඔබගේ අවශතාවය යොමු කර ඒ සඳහා වැය වන කාලය සඳහා ඇස්තමේන්තුවක් ලබා ගනු ඇත. පසුව එම කාලය සදහා වැය වන මුදල ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත. 

ඇස්තමේන්තු ගත මුලු මුදලෙන් අඩක ප්‍රමාණයක් ගෙවීමෙන් එය අනුමත කල හැක.

ඇස්තමේන්තුවේ සදහන් කල් ඉකුත්වීමේ කාල සීමාවට ප්‍රථමයෙන් අනුමත කල යුතු අතර, කල් ඉකුත් වූ අවස්ථාවකදී  නැවත ඇස්තමේන්තුවක් ලබා ගත යුතුය.

එම ඇස්තමේන්තුව ඔබ විසින් අනුමත කල පසු අපගේ තාක්ෂණික අංශය විසින් ඇස්තමේන්තුවේ සදහන් කාල සිමාව තුල  එම අවශතාවය සපුරනු ඇත. 

ඇස්තමේන්තුව ඔබ විසින් අනුමත නොකර අවස්ථාවකදී, එය නොමිලේ සාදවා ගැනීමට අවශ්‍ය නම්, අපට ඒ සඳහා යම් කිසි කාලයක් ලබා දිය යුතු වේ. නමුත් එය ලබා දෙනු ලබන දිනය නිශ්චිත වශයෙන් ලබා දිය නොහැක.

මෙම වෙනස්කම නිකුත් කල පසු, Storemate හි අනෙකුත් පරිභෝකයින්ටද එය පාවිච්ච් කල හැකි වනු ඇත. අනෙකුත් පරිභෝකයින්ගේ සිදු කරන වෙනස් කම්ද ඔබට නොමිලේ හිමි වනු ඇත.

ඔබගේ දත්ත වල ආරක්ෂාව  (Data Security)

ඔබගේ දත්ත අප විසින් සුරක්ෂිතව ගබඩා කරනු ලබන අතර, ඒවා වෙනත් කිසිම පාර්ශ්වයකට ලබා ගත නොහැකි ලෙස ගබඩා කිරීමට කටයුතු කරනු ඇත.

තවද ඔබගේ දත්ත සිංගප්පුරු පරිගණක සර්වර්ස් (Cloud Hosting Servers in Singapore Data Centers) වල තැන්පත් කරනු ලැබේ.

අපගේ ප්‍රවර්ධන සහ අලෙවිකරණ ද්‍රව්‍ය සහ සන්නිවේදනයන්හි ඔබගේ නම, ලාංඡන සහ වෙළඳ ලකුණු ඇතුළත් කිරීමට ඔබ අපට අවසර ලබා දෙයි.

ඔබගේ ගිණුමේ යම් කිසි පරීක්ෂාවක් සිදු කිරීමට ඔබ ඉල්ලා සිටින අවස්ථාවකදී, ඒ සදහා ඔබගේ ගිණුමට ප්‍රවේශ වීමට අප ඔබගෙන් විස්තර අසනු ලැබිය හැකි අතර, ඔබගේ දැනුවත් භාවයකින් තොර කිසිම අවස්ථාවකදී ඔබගේ දත්ත වලට ප්‍රවේශ වීමට අප විසින් කටයුතු නොකෙරේ.

කිසියම් අවස්ථාවකදී තෙවෙනි පාර්ශවයක් විසින් අධිකරණ නියෝගයක් මගින් ඔබගේ දත්ත ඉල්ලා සිටියහොත්, එම දත්ත අපට ලබා දීමට සිදුවන අතර, එසේ අධිකරණ නියෝගයක් නොමැති අවස්ථාවකදී අප විසින් කිසිම දත්තයක් ලබා දෙනු නොලැබේ.

දත්ත උපස්ථ කිරීම (Data Backup)

කිසියම් බලාපොරොත්තු නොවූ සහගත ලෙස දත්ත මැකී යාමකදී නැවත යථා තත්වයට පත් කරගත හැකි වන පරිදි  ඔබගේ දත්ත උපස්ථ කිරීම දිනපතා සිදු කරනු ලැබේ. මෙහිදී දින 7ක්  ආපස්සට ඔබගේ දත්ත නැවත ලබා ගත හැක.

ඔබ විසින් මෙම ඉල්ලීම කරනු ලබන අවස්ථාවකදී ඒ සදහා අමතර මුදලක් අය කරනු කරනු ලැබිය හැකි අතර මේ සදහා දින 3-14 ක කාලයක් ගත විය හැකිය. එම කාලය තීරණය වන්නේ ඔබ දැනට ඇතුලත් කර ඇති මුළු දත්ත ප්‍රමාණය අනුව වේ.

යම් කිසි ගැටළු කාරී අවස්ථාවකදී, අප විසින් දත්ත යථා තත්වයට පත් කරන අවස්ථාවකදී,කිසිදු අමතර මුදලක් අය නොකෙරේ.

ගෙවනු ලැබූ මුදල් ආපසු ගෙවීම (Refund)

Storemate™ POS මෘදුකාංගය, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණ ව්‍යාපාරවලට අවශ්‍ය සියලුම විශේෂාංග ඇතුලත් කොට නිර්මාණය කර ඇත. කෙසේ නමුත්, ඔබ මිලදී ගැනීමට පෙර ඔබට අවශ්‍ය සියලු විශේෂාංග තිබේ දැයි, අපගේ සජීවී නිරුපනයන්ගෙන්, හෝ මෘදුකාංග උපදේශකයන්ගෙන් සැක හැර දැනගත යුතුවේ. 

ඔබ Storemate POS මෘදුකාංගය මිලදී ගත් පසු ඒ සඳහා අප විසින් invoice මගින් තහවුරු කිරීමක් කරනු ලබන අතර, අපගේ සහායක කණ්ඩායම විසින් ඔබගේ ව්‍යාපාරයට අදාලව මෘදුකාංගය ලියාපදිංචි කිරීම අරඹනු ලැබේ. මෙයින් පසුව අප විසින් ගෙවනු ලැබූ මුදල් ආපසු ගෙවීමක් සිදු කරන්නේ නැත.

එහෙයින් මිලදී ගැනීමට පෙර හොඳින් මෘදුකාංගය ඔබට අවශ්‍ය පරිදි තිබේ දැයි හොඳින් පරික්ෂා කර බලා මිලදී ගන්න. ඒ සදහා ඔබට අවශ්‍ය සියලු සහාය අප විසින් ලබා දෙනු ඇත.

නමුත් කලාතුරකින් අවස්ථාවල, ඔබගේ ඉල්ලීම සාධාරණ සහ ඉල්ලීම කරන ලද්දේ  මිලදී ගෙන දවස් 7ක් ඇතුලත නම්,  Storemate ආයතන කළමනාකාරීත්වයේ කැමැත්ත ඇතිව, අපගේ ලියාපදිංචි ගාස්තු, අලුත්වැඩියා ගාස්තු, ප්‍රවාහන ගාස්තු  සහ වෙනත් ගාස්තු (තිබේනම්) අඩු කරගනිමින්, මුදල් ආපසු ලබා දීමක් සලකා බැලිය හැක. අඩු කරනු ලබන ගාස්තුව, ගෙවනු ලැබූ මුළු මුදලින් 75%ක ප්‍රමාණයක් දක්වා විය හැක. 

ආපසු මුදල් ගෙවීමකදී ඔබ විසින් අප හට ඊමේල් පණිවිඩයක් හරහා ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කල යුතු අතර, ගෙවීම සිදු කිරීමේදී සිදුවන තාක්ෂණික හා මුල්‍යමය ප්‍රමාදයන්, බැංකු අය කිරීම් ගැන Storemate ආයතනය වග කියනු නොලැබේ.

කළමනාකාරීත්වයේ අනුමැතිය හිමි වූ පසු අනුමත වූ මුදල, ඔබට ගෙවීමට දින 7 – 14 ක කාලයක් ගත විය හැකිය. 

ඔබ මිලදී ගනු ලබන පරිගණක දෘඩාංග සදහා කිසිම ආපසු ගෙවීමක් සිදු කරන්නේ නැත.

මෘදුකාංගයේ සිදු කරන ලබන වෙනස් කම් සදහා ඔබ විසින් ගෙවනු ලැබූ මුදල්ද ආපසු ගෙවනු නොලැබේ. 

අන්තර්ජාල සම්බන්ධතාවය 

Storemate පාරිභෝගිකයෙකු වශයෙන්, Storemate මෘදුකාංගය පාවිච්චි කිරීමට නොකඩවා අන්තර්ජාල සම්බන්ධතාවය සැපයිය යුතුය. මෙය ඔබගේ වගකීමකි. අවම වශයෙන් 1Mbps හා මාසිකව 5GB දත්ත ප්‍රමාණයක් මේ වෙනුවෙන් වෙන් කර තැබිය යුතුය. නිසි අන්තර්ජාල සම්බදතාවයක් නොමැතිව මෘදුකාංගයේ සිදුවන දත්ත වල දෝෂ සම්බන්දයෙන් Storemate වග කියනු නොලැබේ.

හදිසි අන්තර්ජාල බිඳ වැටීම වලට ලක් වන අවස්ථා වලට මුහුණ දීමට, හදිසි උපස්ථ ක්‍රම උපායන් භාවිතා කිරීමෙන් මෙම අවධානම බොහෝ දුරට මග හරවා ගත හැක.

සේවාදායකයෙකු ලෙස ප්‍රසිද්ධ කිරීම 

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඔබගේ වෙළඳ නාමයන්, භාණ්ඩ හෝ සේවා වර්ග සහ ඔබගේ ප්‍රදේශයන්,  අපගේ ප්‍රවර්ධන කටයුතු සඳහා උපයෝගී කරගැනීමට සහ “සේවාදායකයෙකු” ලෙස යොමු කිරීමට අකමැත්තක් නොමැති බව තහවුරු කෙරේ. 

වගකීම් සහතිකය 

ඔබ Storemate™ POS මෘදුකාංගය මිලදී ගැනීමට පෙර ඔබ විසින් ඉල්ලන ලද සහ නිරුපණය කරන ලද සියලු විශේෂාංග, එලෙසෙම පවත්වාගෙන යාමට අප බැඳී සිටිමු.

එම විශේෂාංග වල කිසියම් හෝ ගැටළුවක් පැන නැගුනු අවස්ථාවක, කිසිම අමතර ගාස්තුවකින් තොරව එය නිරාකරණය කර දීමට ද අප බැඳී සිටිමු.

ඔබ විසින් අමතර ගාස්තුවක් ගෙවා ඉල්ලා සිටින අමතර විශේෂාංග ද එලෙසෙම ක්‍රියාත්මක කර පවත්වාගෙන යාමට බැඳී සිටිමු.

එලෙසම ඔබට අවශ්‍ය වන සහාය, ඔබ ලබා ගෙන තිබෙන පැකේජය අනුව ඉහල ගුණාත්මක භාවයෙන් ලබා දීමට අපි කැප වී සිටිමු.

ඔබට අවශ්‍ය වන සහාය සඳහා කිසියම් අවස්ථාවක අතෘප්තිමත් වන අවස්ථාවකදී, ඒ පිලිබඳ සොයා බලා විකල්පයක් යෙදීමට අපි කටයුතු කරන්නෙමු. 

මීට අමතරව, දෘඩාංග අප ආයතනය විසින් මිලදී ගැනීමේදී, දෘඩාංග වල වගකීම AK Solutions හරහා සිදුවන අතර Parallax ආයතන කිසිදු වගකීමක් භාර ගනු නොලැබේ.

දෘඩාංග අප ආයතනය විසින් මිලදී නොගන්න අවස්ථාවකදී, දෘඩාංග වල වගකීම Parallax ආයතනය හෝ AK Solutions ආයතනය විසින් භාරගනු නොලැබේ.

 

භාවිතා නොකරන ගිණුම් අක්‍රීය කිරීම

අපට පූර්ව දැනුම් දීමකින් තොරව අඛණ්ඩව මාස හයක (6) කාලයක් ඔබගේ  ගිණුම භාවිතා කිරීමට අපොහොසත් වීමෙන් ඔබගේ ගිණුම ස්වයංක්‍රීයව අත්හිටුවීමට සහ ගිණුම හා සම්බන්ධ සියලු දත්ත මකා දැමීමට හේතු වේ. 
 
මෙය සිදුවීම වලක්වා ගැනීම සඳහා, ඔබ දිගු කාලයක් සඳහා පද්ධතිය භාවිතා නොකිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔබ අපට ඊ මේල් පණිවිඩයක් හරහා  දැනුම් දිය යුතුය.
 

ගිණුම තාවකාලිකව අක්‍රීය කිරීම 

ඔබගේ ගිණුම මාස 12කට වඩා පාවිච්චි කර ඇත්නම්, අපට පුර්ව දැනුම් දීමකින්, ඔබට ඔබගේ ගිණුම තාවකාලිකව අක්‍රීය කල හැක. මුල් මාස 12න් පසුව, සෑම  මාස 12කට එක් වරක් පමණක් අක්‍රීය කල හැකි අතර, ගිණුම අක්‍රියව තබා ගත හැකි වන්නේ උපරිම මාස 3ක කාල සීමාවක් පමණි. 

මාස 3න් පසු නැවත සක්‍රීය නොකරොත් ස්වයංක්‍රීයව ඔබගේ සියලු දත්ත මැකී ගොස් ගිණුම අත්හිටවනු ලැබේ.

ඔබගේ ඉල්ලීම support@storemate.lk වෙත ඊමේල් පණිවිඩයක්  ලෙස යොමු කල යුතුය.

ගිවිසුම අවලංගු කිරීම 

කිසියම් අවස්ථාවකදී දෙපාර්ශ්වයටම ගිවිසුම අවලංගු කල හැක. අවලංගු කිරීමට පෙර මසකට පෙර අනෙක් පාර්ශ්වයට දැනුම් දිය යුතු අතර, එහිදී පාඩුවක් කිසියම් පාර්ශ්වයකට සිදුවන්නේ නම්, දෙපාර්ශ්වයම අන්‍යොන්‍ය අවබෝධතාවය කින් පාඩුව අවම වන ආකාරයට කටයුතු කල යුතුය.

 

Last Updated on 22/01/2024

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× How can I help you?